Press "Enter" to skip to content

ඉන්දියාවෙන් මතුවන ද්විත්ව විකෘති කොරෝනා ප්‍රභේදය පිලිබදව අනතුරු ඇගවීමක්

ඉන්දියාවේ මතුවූ ද්විත්ව විකෘති කොවිඩ්-19 ප්‍රභේදයට එහි ඇති විශේෂිත විකෘති හේතුවෙන් සම්ප්‍රේෂණය වැඩිවීම හෝ වෛරසය උදාසීනකරණය අඩු කිරීම සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ඉන්දියානු SARS-CoV-2 Consortium on Genomics (INSACOG) ට අනුව B.1.617 ලෙස හැඳින්වෙන මෙම ප්‍රභේදය 2020 දෙසැම්බර් 7 වැනි දින ඉන්දියාවේදී ප්‍රථම වරට හඳුනාගෙන තිබේ.

එයට විශේෂිත විකෘති දෙකක් ඇති අතර, ඒවා E484Q සහ L452R වෙයි. ඒවා ලොව පුරා වඩාත් බෝවන ප්‍රභේදයන්ගෙන් හඳුනාගත් විකෘතීන් බව කොවිඩ්-19 පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පැවසීය.

“ලොව පුරා වෙනත් ප්‍රභේදවල දක්නට ලැබෙන මේ ද්විත්ව විකෘති තත්ත්වය වඩාත් අවධානය යොමුකළ යුතු දෙයක්. මක්නිසාද යත් සම්ප්‍රේෂණය වැඩි කරන මේ විකෘතිවල සමානකමක් ඇති නිසයි. මේ විකෘති සමහරක් වෛරසය උදාසීනකරණය අඩු කිරීමට හේතු වන අතර, එය අපගේ එන්නත්කරණය ඇතුළු වෛරසය මැඬපැවැත්වීමේ පරිශ්‍රමයට බලපෑමක් ඇති කළ හැකියි.” ඇය සඳහන් කළාය.

මෙම ප්‍රභේදය වෙනත් රටවලටද ව්‍යාප්ත වෙමින් පවතින බවත් ආසියාව සහ උතුරු ඇමෙරිකාව පුරා වාර්තා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් සඳහන් කළාය.

More from GossipMore posts in Gossip »