මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඒ, මාර්තු මස 23 වන දා දක්වාය.
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ, කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
2016 මාර්තු 29 හා 31 දිනවල බැඳුම්කර වෙන්දේසිවලදී සිදු වූ වංචා පිළිබඳව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ.






