Press "Enter" to skip to content

‘ප්‍රතිදේහවලට ඔරොත්තු නොදෙන’ කොරෝනාවෛරස ප්‍රභේදයක්

ගෝලීය වශයෙන් කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භ කිරීමත් සමග කොවිඩ්-19 වසංගත තත්ත්වයේ යම්කිසි අවමවීමක් අපේක්ෂා කළ ද ඒ සියල්ල උඩුයටිකුරු කරමින් අධික ව්‍යාප්තියක් සහිත ප්‍රතිදේහ සඳහා ඔරොත්තු නොදෙන දෙමුහුන් කොරෝනාවෛරස ප්‍රභේදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මෙම දෙමුහුන් විකෘති වෛරස ප්‍රභේදය නව මෙක්සිකෝවේ ලොස් ඇලමොස් ජාතික රසායනාගාරයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය බෙට් කෝබර් විසින් සොයා ගෙන තිබේ.

මෙම දෙමුහුන් විකෘති වෛරසය නිර්මාණය වී ඇත්තේ එක්සත් රාජධානියේ පැතිර යන අධික ව්‍යාප්තියක් සහිත වෛරසයේ විකෘති ප්‍රභේදය සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ප්‍රතිදේහවලට ප්‍රතිරෝධී වෛරසයේ විකෘති ප්‍රභේදය යන විකෘති ප්‍රභේදයන් දෙක එකතු වීමෙනි.

එම නිසා මෙම නව විකෘති ප්‍රභේදය වඩා භයානක බව වාර්තා වේ.

මේ හේතුවෙන් කොවිඩ්-19 වසංගතයේ නව අදියරක් ආරම්භ වනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවයි.

මෙවන් දෙමුහුන් ප්‍රභේද එන්නත් සඳහා ප්‍රතිරෝධීතාවක් දැක්වීම හේතුවෙන් තත්ත්වය වඩා අවදානම්සහගත ය.

විද්‍යාඥයින්ගේ සමුළුවකදී මෙම මස 2 වන දා ආචාර්ය බෙට් කෝබර් විසින් මෙම දෙමුහුන් ප්‍රභේදය පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් මේ වන තෙක් මෙහි ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනය කර ප්‍රකාශයට පත් කර නොමැත.