කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 295 දෙනෙකු අද (18) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 627 කි.
එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 49,901 ක් වාර්තා වී තිබේ.

කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් හය දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 270 ක් දක්වා ඉහළ ගියේය.
ඉකුත් 14 සහ 17 යන දිනවලදී එක් මරණය බැගින්ද, 15 වැනිදා මරණ 2 ක්ද, අද (18) වැනිදා මරණ 2 ක්ද වාර්තා වී තිබේ.







