Press "Enter" to skip to content

රතන හිමිට විපක්ෂයේ මුල්පෙළ අසුනක්

අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරු අතුරලියේ රතන හිමියන් සඳහා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මුල් පෙළ ආසනයක් ඊයේ (31) වෙන් කළ බව වේත්‍රධාරී නරේඳ්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

උන්වහන්සේට වෙන් කර ඇත්තේ විපක්‍ෂයේ මුල් පෙළ විසිවැනි ආසනයයි.

අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මැතිවරණ කොමිෂන් සභාව විසින් අතුරලියේ රතන හිමියන් ඉකුත් 18 වැනිදා පත්කෙරුහ.

පාර්ලිමේන්තුවේ දැනට හිස්ව පවතින්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා වෙන් කෙරුණු ආසනය බව වේත්‍රධාරි නරේඳ්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. එම මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සකු මේ වසරේ මුල් මාස කිහිපයේදී පත් කරනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.