
පළාත් සභා මැතිවරණය සහ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ නායකයින්ගේ හමුවක් ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වායි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කර ඇත්තේ පළාත් සභා ඡන්දය කල්දැමීමට තීරණය කර ඇති බවයි.
පවතින කොවිඩ් වසංගතය හමුවේ පළාත් සභා ඡන්දය මෙම වසංගත තත්වයේදි නොපැවැත්වීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගෙ රැස්වීමේදී තීරණය කර ඇති බව නිල නොවන ලෙස වාර්තා වේ.
මීට පෙර සැලසුම් කර තිබුනේ 2021 මුල් කාර්තුව තුළ එම මැතිවරණය පැවැත්වීමටයි.







Be First to Comment