Press "Enter" to skip to content

වැඩිම Covid-19 ආසාදිතයන් කළුතරින්

ඊයේ දිනයේ දී මෙරටින් වාර්තාවු කොවිඩ් 19 ආසාදිතයින් 428ක් හඳුනාගත් අතර එයින් වැඩිම ආසාදිතයින්,පළමුවරට කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් ඊයේ දිනට කොවිඩ්-19 ආසාදිතයින් 193ක් කළුතරින්ද, කොළඹින් 101ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 42 ක් හා කොවිඩ්-19 ආසාදිතයින් 91ක් දෙනෙකු ,සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇත

විදෙස් ගතව සිට මෙරටට පැමිණ සිටි එක් ශ්‍රී ලාංකිකයෙක් ද කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුර් වී ඇත.තවද අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වෛරස් ආසාදිතයින් 10ක්, වැල්ලම්පිටියෙන් 8ක් හා පාදුක්ක ප්‍රදේශයෙන්ද ආසාදිතයින් 6ක් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙක් ඊයේ දිනයේ දී වාර්තා වී ඇත එම පුද්ගලයින් ගනේමුල්ල, කඩවත‍ හා පමුණුගම යන ප්‍රදේශයන්හි වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් ගණන 38,058ක් වන අතර, ඉන් 29,299ක් පුර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇත.

ඊයේ දිනට පමනක් මෙරට පීසීආර් පරීක්‍ෂණ 11,672ක් සිදුකර ඇත