දීර්ඝකාලීනව සැලකිය යුතු ආසාත්මිකතා වලින් පීඩා විඳින පුද්ගලයන් නව Pfizer/BioNTech කොවිඩ් එන්නත ලබා නොගත යුතු බව බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය පවසයි.
ඔවුන් මෙලෙස අනතුරු අඟවා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) සේවකයන් දෙදෙනෙක් එන්නත ලබාගත් පසු ආසාත්මිකතා ලක්ෂණ පෙන්වීම හේතුවෙනි.
ඒ අනුව, ඖෂධ, ආහාර හෝ එන්නත් සම්බන්ධයෙන් ආසාත්මිකතා ඇති පුද්ගලයන් හට මෙම අනතුරු ඇඟවීම අදාල වන බව ඔවුන් සඳහන් කරයි.
කෙසේවෙතත්, මෙම සේවකයන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇතැයි NHS හි එංගලන්තයේ වෛද්‍ය අධ්‍යක්ෂක – මහාචාර්ය ස්ටීවන් පවිස් පවසයි.






