බස් රථ සහ බර වාහන රියැදුරු බලපත්‍ර ලබාගන්නා පුද්ගලයන් මාසයක් ඇතුළත මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීමට ජනවාරි 1 වැනිදා සිට විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම ඊයේ (8 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
බර වාහන රියැදුරන් සහ බස් රථ රියැදුරන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර රිය පදවන බවට චෝදනා ලැබී ඇතැයි කී ඇමැතිවරයා රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේදී මෙම පරීක්ෂණය සිදු කිරීමට බලාපොරොත්තු වන බවද කීවේය.






