සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දඹුල්ලේ දී පැවසීය.
සහල් පාලන මිලක් නියම කර ගැසට්ටුවක් නිකුත් කළ ද ඒ අයුරින් සහල් මිල අඩු නැතැයි කියමින්, අමාත්‍යවරයා දඹුල්ලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.






