වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, වලල්ලාවිට මගුරුමස්විල පදිංචි කොළඹ ගිනි නිවන හමුදාවේ සේවය කළ අයෙකු සහ කලන්දාව ප්‍රදේශයේ බස් පොකුරේ ආශ්‍රිතයෙකු නව ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බව ද ,වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල මහතා පැවසීය.
මාකලන්දාව පදිංචි අය මෙයට පෙර අසාදිත ලෙස වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා බවත් ,මේ වන විට එම පවුලේ 05 කට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැ යි ද වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.






