Press "Enter" to skip to content

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයින් දිනකට තුන්වරක් පරික්ෂාවට

නිවසේ නිරෝධායනයට යොමුකරන කොවිඩ් ආසාදිතයන් නිරීක්ෂණය කිරීම සඳහා අදියර තුනක් යටතේ දිනකට කණ්ඩායම් තුනක් යෙදවීමට තීරණය කර ඇත.

මේ අනුව උදෑසන හයේ සිට දහවල් 11.00 දක්වා නිවසේ නිරෝධායනය වන අය නියමිත පරිදි කටයුතු කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ වෙත පවරා ඇත.

දහවල් එකොළහේ සිට සවස 4.00 දක්වා මෙම කටයුතු නිරීක්ෂණයට පොලිසිය යොදවා තිබේ.

සවස හතරේ සිට අලුයම දක්වා මෙම පිරිස් නිරෝධායනයේ යෙදීම නිරීක්ෂණය කරනු ලබන්නේ ත්‍රිවිධ හමුදාව මගිනි.

නිවෙස්වල නිරෝධායනයේ යෙදෙන පිරිස් කොවිඩ් නීති රීති කඩමින් හැසිරෙන්නේ නම් ඔවුන් වහාම නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීමට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාට බලය ලබාදී ඇත.

මට්ටක්කුලිය සමිට් නිවාස සංකීර්ණයෙන් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවීමෙන් පසු එම නිවාස සංකීර්ණයට මෙන්ම බ්ලූමැන්ඩල්, කොටහේන නැගෙනහිර හා බටහිර, ලුනුපොකුණ ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් හා යුද හමුදා භටපිරිස් යෙදවීමටද නියෝග කර තිබේ.

More from GossipMore posts in Gossip »