Press "Enter" to skip to content

මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 81ක්

මොරටුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 81 දෙනෙකු පමණ වාර්තා වී ඇතැයි මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් පවසයි.

එගොඩඋයන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයේ 11 දෙනෙකු, මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයන්හි 48 දෙනෙකුද ඊයේ (28 වැනිදා) වන විට වාර්තා වෙයි.

මොරටුවේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ආශ්‍රිත සම්බන්ධ මත්ස්‍ය වෙළෙඳාමේ නිරත වන පිරිස් අඟුලාන, කොරළවැල්ල, එගොඩඋයන ප්‍රදේශයන්හි වැඩි වශයෙන් සිටින බවත් එම නිලධාරියා පැවැසීය.

More from GossipMore posts in Gossip »