Press "Enter" to skip to content

කොරෝනා රෝගීන් ඉන්න තැන් හදුනගන්න ඇප් එකක්

බස්නාහිර පළාතේ කොවිඩ් ව්‍යාප්තිය නිරීක්ෂණය සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩබ්ලිව්.පී.කොවිඩ් (wp covid) නමින් අන්තර්ජාල යෙදවුමක් නිර්මාණය කර තිබේ.

බස්නාහිර පළාතේ ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයා ​ෆෝස් රොෂාන් ගුණතිලකගේ උපදෙස් මත එය නිර්මාණය කර තිබේ.

මේක ඉතාම උසස් තත්ත්වයේ ඇප් එකක්. සමහර වෙලාවට ලෝකයේ අනෙක් රටවල්වලට වුණත් පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා. මේක ප්ලේ ස්ටෝ එකට සහ ඇපල් ස්ටෝ එකටත් දානවා.

මහජනතාව යම් ස්ථානයකට යන විට එම ස්ථානය කොවිඩ් 19 අවදානම් ස්ථානයක් ද නැද්ද පිළිබඳව ජංගම දුරකථනයෙන්ම දැන ගැනීමේ හැකියාව මෙම අන්තර්ජාල යෙදවුම හරහා ලැබෙනවා යැයි ​රොෂාන් ගුණතිලක මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

More from GossipMore posts in Gossip »