Press "Enter" to skip to content

රසායනාගාර වෘත්තීයවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක්

රසායනාගාර සේවාවට සුදුසු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරි සති දෙක ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය අද අනතුරු අඟවනු ලැබුවා.

එමෙන්ම, පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සහ රසායනාගාර සේවා සිදුකිරීමේදී මේ වනවිට බාධා එල්ල වී ඇති බවත්, නිවැරදි ලෙස අහඹු පරීක්ෂණ සිදුකළේ නම්, බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ රෝගීන් මීට පෙර හඳුනා ගැනීමට හැකිව තිබූ බවත්, එම සංගමයේ සභාපති රවී කුමුදේශ් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

More from GossipMore posts in Gossip »