Press "Enter" to skip to content

රත්නපුරේ 30කට කොවිඩ්

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17න් කොවිඩ් 19 ආසාදිතයන් 30ක් හමුව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රත්නපුරින් නව දෙනෙක්, ඇහැළියගොඩින් අට දෙනෙක්, කිරිඇල්ලෙන් සිවු දෙනෙක්, ඇලපාත, කහවත්ත සහ ඇඹිලිපිටිය යන කොට්ඨාස වලින් දෙදෙනා බැගින් ආසාදිතයන් හයදෙනෙක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

කුරුවිට, අයගම සහ ගොඩකවෙල යන කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇත.

රත්නපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍යවරයා පවසනුයේ කොරෝනා රෝගය රත්නපුර දිස්ත‍්‍රික්කයේ ව්‍යාප්තිය පාලනය කිරිමට මේ වනවිට පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර අවශ්‍ය අයගේ පීසීආර් පරීක්‍ෂණ කඩිනමින් සිදුකරන බවයි

More from GossipMore posts in Gossip »