Press "Enter" to skip to content

රටම වසාදැමීමේ සූදානමක් නැහැ – ජනාධිපති

‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශවල සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකයා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ද තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා රට වසා තැබීමේ අවශ්‍යතාවක් මතුව නැති බව ද ප්‍රකාශ කර ඇත.