Press "Enter" to skip to content

අහඹු පරීක්‍ෂාවලින් කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ

කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත.

නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ මෙම ආසාදිතයන් ප්‍රමාණය සොයා ගත්තේ පුද්ගලයන් 5367 දෙනෙකුට පරීක්ෂණ සිදු කිරීමෙන් බවයි.

මෙය කොළඹ නගරයෙන් හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද ඔහු සඳහන් කළේ ය.