Press "Enter" to skip to content

විභාග ශාලා පරීක්ෂකවරියකට කොවිඩ්

උසස් පෙළ විභාගය පැවති ගම්පහ නගරයේ පාසලක විභාග ශාලා පරීක්ෂකවරියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන එම ගුරුවරියට සහ ඇගේ සැමියාට ඇතිවූ රෝග ලක්ෂණ මත සිදු කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී ඔවුන් දෙදෙනාට කොවිඩ් 19 ආසාදිතයින් බව හඳුනා ගෙන ඇත.

ඔවුන්ට රෝගය වැළඳීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මාළු ගෙන ඒම පිණිස පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසලට ගොස් ඇති බව අනාවරණය වූ බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

මෙම පරීක්ෂකවරිය කටයුතු කළ විභාග ශාලාවෙහි විභාගයට පෙනී සිටි සිසුන් 40 දෙනෙකුගේ තොරතුරු ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලබා දී ඇත.

එම යුවල ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර එම විභාගශාලා පරීක්ෂකවරිය කටයුතු කළ විභාග ශාලාවෙහි විභාගයට පෙනී සිටි සිසුන් මෙම 31 වෙනි දින පී.සී.ආර් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ඇත.

More from GossipMore posts in Gossip »