ඉදිරියේදී රෝග ලක්ෂණ නොමැති කොරෝනා ආසාදිතයින් රෝහලක් නොවන ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා තබාගෙන අවශ්‍ය කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ නිවාස ආශ්‍රිතව නිරෝධායනය වීම සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.
එමෙන්ම, ආසාදිතයින්ගේ සිටින ස්ථානවල වාතය හරහා වෛරසය ව්‍යාප්තවීමක් සිදුනොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.






