කහතුඩුව සෞඛ්‍යය නිලධාරී බලප්‍රදේශයෙන් අද දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 21 දෙනකු වාර්තා වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය .
ආසාදිත පිරිස වාර්තාවූයේ පසුගියදා පුද්ගලයන් 149 දෙනෙකු උදෙසා සිදුකළ පි සි ආර් පරීක්ෂණ වලින් අනතුරුව ය.
ඒ අතරින් බහුතරයක් දෙනා පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ වෙළඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීම සඳහා ගිය ව්‍යාපාරික බව පවසයි






