Press "Enter" to skip to content

පෑලියගොඩ මාළු කඩේ PCR කරපු නිලධාරීන් 9කටත් කොරෝනා

කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සහභාගී වූ නිලධාරීන් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

එම නිලධාරීන් සියලූ දෙනා මේ වන විට රෝහල්ගත කිරීමට පියවර ගත් බව නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.