Press "Enter" to skip to content

හෙද සංගමයේ සභාපතිගෙන් අනතුරු ඇඟවීම්

හෙද සේවයේ යෙදී සිටින අයගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර හා ගමනාගමන ගැටළු වලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිළි විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිඛිතව දැනුම් දී ඇතැයිද උන්වහන්සේ සඳහන් කරනවා.

කොරෝනා වසංගත තත්ත්වය නිසා සාත්තු සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර මෙම ප්‍රශ්න තුනට වහාම විසඳුම් අවශ්‍ය බවද උන්වහන්සේ සඳහන් කර ඇත.

More from GossipMore posts in Gossip »