Press "Enter" to skip to content

කොවිඩ් වසංගතය මැද කොළඹ විරෝධතාවයක්

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිවයි.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට අත තැබීමෙන් වළකින ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙම වි‌රෝධතාවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ද සහභාගි වී සිටියි.