කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 ක් සහ 19 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් කොළඹ කෙසේල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
මියගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිට ඇති බව සඳහන් වේ.
මියගිය 19 හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් ඇත






