Press "Enter" to skip to content

විවහා මංගල්‍යය අතරතුර කොරෝනා රෝගි මනමාලයාගේ පියා පලායයි

කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයෙකු 25 රාත්‍රී පිලියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක ඔහුගේ පුතුගේ මංගල්‍යයට සහභාගි වී සිටින බවට ලද තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු පලා ගොස් තිබූ බව පිලියන්දල පොලිසිය කියයි

එම අවස්ථාවේදී එහි සිටිය යුද හමුදාවේ උසස් නිලධාරියකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කර කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇතැයි පොලිසිය කියයි

කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීම සඳහා යාම හේතුවෙන් ඉකුත් 22 දින පි සි ආර් පරීක්ෂණයට භාජනය කර නිරෝදානය ටද ලක්කර තිබූ බව පොලිසිය කියයි .

25 රාත්‍රී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ආසාදිතයන්ගේ නාමලේඛනය ලැබීමත් සමගම මාළු ව්‍යාපාරික ආසාදිතයා සොයා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කහතුඩුව ජයවර්ධන වත්ත ඔහුගේ නිවෙසට යාමේදී නිවස වසා තිබී ඇති අතර අසල්වාසීන් කීපදෙනකුගේ පිළිබඳ විමසීමේදී ඔහු පුතුගේ මංගල සාදයට සහභාගි වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි .

ඒ අනුව හල්පිට කැස්බෑව හා කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිළියන්දල පොලිසියේ නිලධාරීන් සමග එම හෝටලය සොයා ගොස් ඔහු පිළිබඳව විමසීමේදී ඔහු නොමැති බවට එහි සිටි පිරිස් පවසා ඇති අතර හමුදා නිලධාරියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝටලයට ඇතුළු වීමට ඉඩ නොදී රාජකාරියට බාධා කරමින් හැසිරී ඇත

More from GossipMore posts in Gossip »