නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති තවත් පොලිස් බලප්‍රදේශ 15කට රුපියල් 5000 දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.
ඒ අනුව පවුල් 464,254ක් සඳහා ලබාදීමට රුපියල් කෝටි 232කට අධික මුදලක් ඇස්තමේන්තුකර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
පළමු අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා රුපියල් 5000 දීමනාව මේ වනවිට ගෙවා අවසන්කර තිබේ.






