Press "Enter" to skip to content

රෝගයේ ව්‍යාප්තියක් – ඇඳිරිනීතිය කඩකළොත් අත්අඩංගුවට

කොවිඩ් 19 රෝගයේ ව්‍යාප්තියක් දක්නට ඇති බවත් මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයන් ඇඳරි නීතිය කඩ කරයි නම් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

“යම් ආකාරයකින් නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව යම්කිසිවෙක් පටහැනිව කටයුතු කළොත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඊට හේතුව මෙම රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඇඳරි නීතිය පනවා ඇති ප්‍ර දේශවල සංචරණය සීමා විය යුතුයි.” යැයි ඔහු පැවැසීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ පොලිස් බල ප්‍ර දේශ 56ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

More from GossipMore posts in Gossip »