Press "Enter" to skip to content

තවත් කෝවිඩ් ආසාදිතයින් 263ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 7784ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයන් 263ක් හඳුනා ගැනීමත් සමගයි.

එයින් 36දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වී ඇති අතර, අනෙක් 227දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් හඳුනාගත් පිරිසක් බව හමුදාපතිවරයා පැවසීය.