කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 5දෙනෙකු හඳුනාගෙන තිබේ.
ගලහිටියාව, හම්මලව සහ ඌරුපිටිය යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
ඒ අනුව, එම ආසාදිතයින් සමග ප්‍රදේශයෙන් මේ වන විට ආසාදිතයින් 52 දෙනෙකු හඳුනාගෙන ඇති බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය නිළධාර වෛද්‍ය උත්පල සංකල්ප මහතා පැවසුවේය.






