දඹානේ පිහිටි ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කළ බව ආදිවාසී නායක වන්නිලැත්තෝ අද පැවසීය.
ඒ, දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
ආදිවාසී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, ආදිවාසී කෞතුකාගාරය ඇතුළු ආදිවාසී ගම්මානය සංචාරකයන්ට විවෘත නොකිරීමට තීරණය කළ බව වන්නිලැත්තෝ එහිදී පැවසීය.






