Press "Enter" to skip to content

වාර්තා යහපත් වුවහොත් අලුත්ගම,බේරුවල සහ පයාගල ඇඳිරි නීතිය හෙට ඉවත් කරනවා

ලැබෙන වාර්තා යහපත් වුවහොත්, අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 5 ට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අද(25) පස්වරුවේ ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව තීරණයක් ගන්නා බවයි ඔහු පැවසුවේ.

දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට අයත් පොලිස් බල ප්‍රදේශ ගණනාවක් ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙන බව යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා සහන කාලයක් ලබා දීමට කටයුතු කරන බවයි.

More from GossipMore posts in Gossip »