ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනක පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙසේ වෛරසය අසාදනය වී ඇත්තේ බංගදෙනිය කුම්බුටුකුලිය සහ කරුක්කුපනය පදිංචි පුද්ගලයින් තිදෙනෙකි. මෙම පුද්ගලයින් පෑලියගොඩ මාලූ වෙළඳ මධ්‍යස්ථානය සමග සෘජුවම ගනුදෙනු කරන පුද්ගලයින් බවට අනාවරණය වී ඇත.






