මිරිහාන මූලස්ථාන පොලිසියේ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කල කොස්තාපල් වරයාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි .
පපුවේ මහන්සිය , උදරයේ ආබාධයක් සහ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 23දින එම කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදු කළ පි සි ආර් පරීක්ෂණ වාර්තාවකින් 24 රාත්‍රී ඒ බව හෙළි වී ඇත .
පසුගිය දහතුන් වෙනි දින සිට මෙම කොස්තාපල්වරයා පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණය වෙත භෝජනාගාරය වෙත මාළු මිලදී ගැනීම සඳහා ගොස් තිබූ බව පොලිසිය කියයි






