Press "Enter" to skip to content

ගාල්ලෙන් කොරෝනා රෝගීන් 39ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ අද (25) සවස වනවිට කොරෝනා ආසාදිතයින් 39 දෙනකු වාර්තාවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

බලපිටිය, කටුවිල ගම්මානයේ අවමංගල උත්සවයට සහභාගි වු සහ ඒ ආශ්‍රිතයින් 28 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබේ. ඒ අතර ආයුර්වේද වෛද්‍යවරයෙකු ද වන බව වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා කියයි.

ගාල්ල නගර සභා ප්‍රදේශයෙන් 04 දෙනකුද රත්ගම ප්‍රදේශයෙන් 04 දෙනකුද ඉඳුරුව ප්‍රදේශයෙන් දෙදෙනකුද කරන්දෙණිය ප්‍රදේශයෙන් තවත් ආසාදිතයෙක් ද වාර්තා වන බවද වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »