Press "Enter" to skip to content

කළුබෝවිල රෝහලෙන් කොරෝනා රෝගියෙක් හමුවේ

වෙනත් රෝග ලක්ෂණ ගැන පවසමින් කළුබෝවිල රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙක්, PCR පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.

එම සිදුවීමෙන් අනතුරුව රෝහලේ 7 වාට්ටුව වසා එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් නිවෙස් වෙත යැවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එම පුද්ගලයින්ට නිවෙස්වල නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබේ.

කොරෝනා ආසාදිතයා කොළඹ IDH රෝහලට යවා ඇති අතර එම වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් නිරෝධායනය කිරීමට කටයුතු කළ බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

More from GossipMore posts in Gossip »