හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළෙහි හිමිකරු කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.
මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ් ආසාදිතයෙක් බවට අනාවරණය වීමත් සමග වෙළෙඳසැළ අද (23) සිට වසා දැමීමට කටයුතු කර ඇත.
එම හිමිකරුගේ පවුලේ අය සහ වෙළෙඳසැළේ සේවකයින් 17 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.






