Press "Enter" to skip to content

බේරුවලින් ආසාදිතයින් 20ක්

බේරුවල ධීවර වරායේ වෙළෙඳුන් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.‍

මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබුණේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ මගිනි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත ආසාදිතයින් සංඛ්‍යාවද තවදුරටත් ඉහළ යමින් පවතින අතර ඒ සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාළු වෙළෙඳසැළ් වසා දමා තිබේ.

බේරුවල ධීවර වරායෙන් අහඹු ලෙස තෝරාගත් ධීවරයින් 100 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (22) සිදුකර තිබුණි.

ඒ අතරින් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මොවුන් සියලු දෙනාම බේරුවල ධීවර වරායේ දිගු කාලීන වෙළෙඳුන් වන අතර
බේරුවල, මග්ගොන, මුංහේන, නල්ලහේන, මොරගොල්ල හා මරදාන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය

More from GossipMore posts in Gossip »