Press "Enter" to skip to content

කඩුවෙල හෝටලයක සේවකයෙකුටත් කොරෝනා

කඩුවෙල නගරයේ ප්‍රසිද්ධ හෝටලයක සේවකයකු ඊයේ (21 වැනිදා) කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගත් පසු එහි සියලුම සේවකයන් නිරෝධායනයට යොමුකළ බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය පැවැසීය.

මෙම 22 හැවිරිදි ආසාදිතයා නගරයේ බෙහෙත් ශාලා දෙකකට ගොස් ඇති බව වාර්තා වීමත් සමග ඒවාද වසා දමා ඇති බවත් හෙතෙම පැවැසීය.

මේ වන විට කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයන් සිවුදෙනෙකු හඳුනාගෙන ඇත.

ඉහළ බෝමිරිය එක් අයකුද කොතලාවල පට්ටියවත්ත දෙදෙනකු සහ අදාළ හෝටල් සේවකයා ඊට ඇතුළත් වේ.

More from UncategorizedMore posts in Uncategorized »