Press "Enter" to skip to content

උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහන් තාවකාලිකව අත්හිටුවයි

රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ, පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග එම තීරණය ගත් බවයි.

මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව ලබන උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි.

මෙම පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැඳවීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ දුෂ්කරතා මතුවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඔවුන්ට හිමි රුපියල් 20,000 මාසික දීමනාව ලබා දීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »