ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකා රේගු වරායේ ඉඟුරුකඩේ හංදිය ආශ්‍රිතව තිබෙන භාණ්ඩ නිශ්කාෂණ කරන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවේ සේවයේ නියුතු රේගු පරීක්ෂකවරු දෙදෙනෙකුට කොවිඩ් වෛරසය වැළදී ඇති බවයි.
එම ආසාදිතයින් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.
මොවුන් කොළඹ හා ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සදහන් කළේය.






