Press "Enter" to skip to content

ගම්පහ දිස්ත්‍රික්කයේ අනුපොකුරු රාශියක් – අජිත් රෝහණ

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අනුපොකුරු රාශියක් නිර්මාණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එම ප්‍ර දේශවල පදිංචි ජනතාව තම ස්ථානවලම රැඳී සිටිය යුතුයි යන්නයි.

“ගම්පහ දිස්ත්‍රික්කයේ අනු පොකුරු රාශියක් නිර්මාණය වුණ ආසාදිත ප්‍රදේශ තිබෙනවා. එම ප්‍රදේශයක, පුද්ගලයන් එම ස්ථාන වලම රැඳී සිටිය යුතුයි.” යැයි ඔහු පැවැසීය.