Press "Enter" to skip to content

කුලියාපිටියේ නිරෝධායනයේ සිටි පුද්ගලයෙකු මියයයි

නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය ගයියාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇති බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

කුලියාපිටිය ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් ඇත.

පසුගිය දා කුලියාපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත මනමාලයෙකුගේ මංගල උත්සවයට සහභාගී වූ අයෙකුගේ පියෙකු වන ඔහු කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව වාර්තා වේ.

මංගල උත්සවයට සහභාගීවීම හේතුවෙන් මරණකරුගේ නිවසේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් කර තිබිණ.

එලෙස නිරෝධායනය වෙමින් සිටියදී අද (21) අලුයම එම පුද්ගලයා නිවසේදී ම මියගොස් තිබේ.

මෘත දේහය සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කර කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර ඇත.

දේහයෙන් සාම්පල කිහිපයක් ලබාගෙන පීසීආර් පරීක්‍ෂාවකට යවා ඇති අතර අදාළ පුද්ගලයා මියගොස් ඇත්තේ කොවිඩ් වැළඳීමෙන්ද යන්න තහවුරුකරගැනීමට නියමිත බව වාර්තා වේ.

More from GossipMore posts in Gossip »