Press "Enter" to skip to content

රිජ්වේ ආර්යා ළමා රෝහලේ තවත් දරුවෙකුට හා මවකට කොවිඩ් ආසාදනය වෙයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි තවත් කුඩා දරුවෙකුට හා මවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මොවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තොරතුරු වාර්තා වේ.

අවුරුදු 02යි මාස 06ක් වයසැති එම දරුවාගේ සහ මවගේ ඇතිව තිබූ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැකසිතී රෝහල් කාර්ය මණ්ඩලය විසින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

More from GossipMore posts in Gossip »