මතුගම ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණයට ලක්කල 17 දෙනෙකු (18) දින කොවිඩ් අසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව මතුගම පරිපාලන මහජන සෙෘඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පැවසීය .
මේ අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.







