Press "Enter" to skip to content

ලේ බැංකුව ලේ ඉල්ලයි

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඇති රුධිර පට්ටිකා සංචිතය අඩුවිය හැකි බැවින් රුධිරය පරිත්‍යාග කරන්නන්ට, එම මධ්‍යස්ථානයට හෝ රජයේ රෝහල්වල ලේ බැංකු වෙත රුධිරය පරිත්‍යාග කළ හැකි බව එහි අධ්‍යක්ෂ ​වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.

ඒ සඳහා www.ndts.life වෙබ් අඩවියට පිවිසීමෙන් දිනයක් සහ වේලාවක් වෙන්කරගත හැකිය.

රුධිර පට්ටිකා තබාගත හැක්කේ දින 4 ත් 5 ත් අතර සංඛ්‍යාවක් පමණක් වන බැවින් සහ දෛනිකව ඒවා පිළිකා රෝගීන් සඳහා ලබාදිය යුතු වන බැවින් සංචිතය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය – 0115332153/54

More from GossipMore posts in Gossip »