Press "Enter" to skip to content

කොරෝනා ආසාදිත කාන්තාවගේ නිවසට හොරු පනියි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවකගේ නිවසකට හොරු පැනීමේ සිදුවීමක් නාරම්මල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇතිවූ කොරෝනා වෛරසය ව්‍යප්තිය සමග ඉකුත් ඔක්තෝම්බර් මස් 05 වෙනිදා කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරුවූ මෙම 42 හැවිරිදි වියේ පසුවන කාන්තාව රෝහල් ගත කිරීමෙන් පසුව ඇයගේ පවුලේ සාමාජිකයින්ව යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන් ගොස් ඇත.

නිවසේ කිසිවෙකු නොමැතිවීම ඊයේ රාත්‍රී කාලයේදී මෙම නිවසට හොරු පැන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

More from GossipMore posts in Gossip »