Press "Enter" to skip to content

රාගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පලායයි

රාගම (උතුරු කොළඹ ශික්ෂණ) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ්-19 වෛරස ආසාදියෙකු එම රෝහලෙන් පලාගොස් තිබේ.

ඊයේ (06) රාත්‍රීයේ මෙම ආසාදිතයා රෝහලෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස රෝහලෙන් පලාගොස් තිබෙන්නේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ආසාදිතයා අද උදෑසන පෑලියගොඩ පිහිටි ඔහුගේ නිවසේදී ආරක්ෂක අංශ විසින් ඔවුන් භාරයට ගෙන ඇත.

More from GossipMore posts in Gossip »