Press "Enter" to skip to content

අභයභූමියක කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කළ සමන්තට ඇප

ආනවිළුන්දාව “රැම්සා අභයභූමිය”ට අයත් කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන්ත මහතාට අද ඇප ලබාදීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබේ.

හලාවත දිසාවිනිසුරු අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ශරීර ඇප දෙකක් මත ජයගත් සමන්ත මහතා මුදා හරින ලෙසය.

හිටපු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රැම්සා අභයභූමිය තුළ ඉස්සන් ගොවිපලක් වෙනුවෙන් පොකුණක් සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් පසුගිය 26 වැනිදින වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පෙලීසියට පැමිණිලි කළේය.

අදාළ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය පසුගිය 27 වැනිදා සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

පොකුණ සකස් කිරිම සදහා ඩෝසර් යන්ත්‍රයක් උපයෝගී කරගෙන ඇති අතර, එය ක්‍රියාකරු සහ ඊට අනුබල දුන් ව්‍යාපාරිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.‍‍

මෙම නඩුව අද දිනයේ කැදවූ අවස්ථාවේදී හලාවත දිසා අධිකරණය විසින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට කටයුතු කළේය.

More from GossipMore posts in Gossip »