Press "Enter" to skip to content

නිරෝධායනේට දැමූ පිරිසක් සාදයක් දමයි

අසර්බයිජානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොදවා සිටි පිරිසක් උපන්දින සාදයක් පවත්වා තිබේ.

දොඩම්ගොඩ පැලපිටියාගොඩ ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට යොමුකර සිටි පිරිසක් මෙම උපන්දින සාදයට පවත්වා ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ඊට සහභාගී වූ පිරිස ද ඇතුළුව සියලුම දෙනා නිරෝධායන ලක් කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය අගෝස්තු 26 වැනි දින ඔවුන් විදේශයේ සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායන වීමෙන් අනතුරුව නිවසේ නිරෝධායන වෙමින් සිටියදී සාදය පවත්වා ඇත.

More from GossipMore posts in Gossip »